කාසි පනම් නැති දෝතට………..

2010 ජූනි 7 at 3:28 පස්වරු (කැඩපත් පවුර)


දේදුන්නේ පාට පාට

සමනළයින් රෑන් රෑන්

එහෙ ඉගිලෙති,

මෙහෙ ඉගිලෙති

ආසයි මට ඉගිලෙන්නට

රන් සමනළයින් අතරේ

මල් පෙති වල පාට පාට

දෝතින් ගෙන ඇඟ තවරා

මද පවනේ පාවී යන

මල් පෙති විලසින

ආසයි මට පාව යන්න

සුවඳ හමන මල් පෙති අතරේ

කාසි පනම් නැති දෝතට

ආසාවන් බර වැඩි හින්දා

සුවඳ හමන මල් පෙති අතරේ

තටු සලනා සමනළයින් දෙස

දෙනෙත් අයා බලා හිඳින්නම්………..

ප්‍රතිචාර 15

  1. Hasitha said,

    නියමයි :) පින්තූරයකුත් දැම්මා නම් තවත් අගෙයි

  2. ```Outsider``` said,

    මනුෂ්‍ය ජීවිතේට වඩා සතුන්ගෙ ජීවිතේ වෙලාවකට සුන්දරයි කියල හිතෙනව තමයි. ඔවු‍න්ගේ අව්‍ශ්‍යතා සීමිතයි. ඒ සීමිත දේ තුලින් ඔවුන්සැනහී සතුටින් ඉන්නව.
    අදහස වගේම පද පෙලත් සුන්දරයි.

    • isimbuwa said,

      අලුත් විදියකට පද ටික දිහා බලල තියෙනව. ස්තූතියි outsider ඔයාට. මම මේ පද ගලපද්දි රන් සමනළියන්ට, සුවඳ හමන මල් පෙති වලට ආරූඩ කලේ විසිතුරු ඇඳුම් පැළඳුම් වලින් හැඩ වැඩ වෙලා මූණ පුරා සුවඳ හමන පුයර උලාගත්තු ගෑණු ළමයින්ව. ඒ වයසෙම පහු වෙන දැරිවියක් මේ ගෑණු ළමයි දිහා බලාන ඉන්නෙ තමන්ගෙ හිතේ උපන් ආශාවන් මෙච්චල් කරගන. ඒ එයාට තමන්ගෙ ආශාවන් මුදුන් පත් කර ගන්න කාසි පනම් නැති නිසාවෙන්. ඒකයි මම කියන්නෙ “කාසි පනම් නැති දෝතට ආශාවන් බර වැඩි හින්දා” කියල.

  3. සුළඟ said,

    ආසයි මට ඉගිලෙන්නට
    රන් සමනළයින් අතරේ
    සමණල සිහිනෙක පාවී
    දුරස් වෙලා මේ ලෝකෙන්
    ලස්සනට ලියල තියනවා.
    මැණික්(සුළඟ)

    • isimbuwa said,

      සමනළ සිහිනෙක පාවී
      ඉන්නට ඇත්නම් සැමදා
      සත්තයි මම පියඹා යනවා
      මේ ලෝකෙන් දුරස් වෙලා
      ආසාවන් මගෙ බර වැඩි හින්දා………

  4. palaamalla said,

    බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද…

  5. මතක මන්දිර said,

    ලස්සනට පද ටික ගලපලා තියනවා

  6. රවා said,

    අක්කෙ කෙනෙක්ගෙ අතක තිබුණු දෙයක් දැකලා මම පොඩි කාලෙ හොදටම දුක් වුණා. එක මගෙ අතෙ නොතිබුන හින්දා… අද මගෙ අතෙ තියන දෙයක් හින්දා කිසි කෙනෙකුට දුකක් හිතෙන්න ඉඩ දෙන්න හොද නැහැ කියන තැන මම ඉන්නවා…. එක හින්දා මම මෙහෙම විතරක් කියන්නම්.. ආශාවන් …. සීමාවන් අතර විචලනය වන සිතුවිලි ප්‍රවාහයන් සමහර වෙලාවකදි මිහිරියි.. සම්හර වෙලාවකදි ඉතාම මිහිරියි…

    • isimbuwa said,

      අපේ අතේ නොතිබෙන දේවල් අනික් අයගෙ අතේ තියෙනව දැකල පොඩි කාලෙ අපි කොච්චර නම් අඬන්න ඇද්ද නේද මල්ලී. ඒත් ඒ පොඩි කාලෙනෙ. දැන් අපි දැනුම් තේරුම් තියෙන අය ඒ නිසා අපේ අතේ නැති දෙයක් වෙන කෙනෙකුගෙ අතේ තියෙනව දැක්කම දැන් අපට හිනා වෙන්න පුලුවන්. ඒ වගේම අපේ අතේ තියෙන දෙයක් නිසා තවත් හිතකට දුකක් දැනෙනවනම් මට ඒ දෙයින් කිසි වැඩක් නෑ කියලත් මම හිතනව.

  7. nimanthi said,

    කාසි පනම් නැති දෑතින්
    දුක නොසිතන් හැමදාමත්
    තටු සලනා සමණලයින්
    සතුට ගෙනෙයි හැමදාමත්
    කවදාහෝ වැටහේවී
    සැබෑ සතුට එයම බවත්…!!

    • isimbuwa said,

      කාසි පනම් නැති හින්දම
      තටු සලනා සමනළයින් දෙස
      පාට පාට මල් පෙති දෙස
      බලා හිදින්නම්
      කවදාහෝ සැබෑ සතුට එය වේ නම්……

  8. sampathjt said,

    ලස්සන පැදිපෙළක්…
    ජයවේවා!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.