පුංචි බාලිකාවියේ……..

2010 ජූනි 19 at 8:42 පෙරවරු (කැඩපත් පවුර)

වෛවාරණ කමිස කෑලි

ඉනෙන් හැලෙන ඩෙනිම් කලිසම්

ඇඟ ලා ගෙන උජාරුවට

දඬු මොනරේ පිට නැග ගෙන

තක්සලාවෙ වැටෙන් එහා

මාන බලති ප්‍රේම කුරුල්ලෝ

මලවිගෙ මල් හීසර විද

ඩැහැ ගන්නට නුඹෙ හිත් මල…..

මල් හී සර වැදුනු කලට

උන්නෙ ඇඟේ පිත්තල තඹ තහඩු ගොන්න

පෙනෙයි නුඹට රන් රිදියෙන්

පුංචි බාලිකාවියේ…..

වහං වෙයං හනික පොත් පිටු අතරේ…..

Permalink ප්‍රතිචාර 20

Follow

Get every new post delivered to your Inbox.