ම’සිත හැඟුම් පුබුදුවන්න….
දුර ඈත තනි තරුවට
මේ සීත රෑ තනිව හිඳ
කොඳුරනා රස රහස
රැගෙන යනු මැන
පවන් රොදේ
හීන් සැරේ
කනට ඇගේ මුමුනලා
කියා ගන්න බැරිව ලතැවෙනා
ම’සිත උපන් ආදරේ
ඇගේ කනේ තබාලා
රැගෙන එන්න
ඇගේ උනුහුම් සුසුම් පොදක්
සීතලට ගැහෙන
ම’සිත හැඟුම් පුබුදුවන්න….
