අප්පච්චී…

2010 පෙබරවාරි 23 at 3:51 පස්වරු (කැඩපත් පවුර)


මහමෙරු දරු දුක හිසින් ගෙන

මුතු කැට දහදිය වගුරවමින

දෑසේ උතුරන දරු පෙම්

ළය මඬලේ සඟවමින

සිටියද නුඹ,

සෙල් පිළිමය වෙස් නගාන

ලෝතුරු සුවඳයි අප්පච්චී

මට නුඹ හැමදාම…….

Advertisements

ප්‍රතිචාර 4

  1. tissa said,

    තත්තලා දුක් විඳින්නේ ලෝකෙට සෙල් පිළිම වාගේ පෙන්නනගෙන තමා… මාත් එහෙම තාත්තෙක්… මගේ අප්පච්චිත් එහෙම තමා… හරිම සංවේදී වචන…. දිගටම ලියමු…

  2. wath- sodurusitha said,

    තාත්තා කෙනෙක් ගෙ අඩුව දැනෙන කෙනෙක් මම. තාත්තාගෙ ආදරේ පුදුමාකාර දෙයක්. මුහුණෙන් පෙන්නන්නෙ නැතිව ආදරේ සෙනෙහස හිතේ සිරකරන් අනන්ත දුක් විදින කෙනෙක් තමා තාත්තා.

    ඒ අතරින් දුවෙකුට තාත්තා කෙනෙක් කියන්නෙ වචන වලින් කියන්න බැරි තරමේ ආරක්ෂාවක් රැකවරණයක්. මගේ රත්තරන් තාත්තා අදටත් මා දිහා බලන් ඉන්නව කියල මට හිතෙනවා.

    තාත්තාගෙ සුවද ඔබේ කවිය නිසා ආයෙත් අලූත් වුනා. ඔබට තුති.

    • isimbuwa said,

      ඔයත් මමත් දෙන්නම ඉන්නෙ එකම බෝට්ටුවක. මට තාත්තගෙ සෙනෙහස අහිමි උනේ මට අවුරුදු 10 ක් වෙන්නත් කලින්. ඒත් මට තවමත් මගේ තාත්තගෙ සුවඳ දැනෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: