මගේ පෝස්ට් එකකුත් පත්තරේට ගිහින්….

2010 මාර්තු 12 at 7:35 පෙරවරු (වර්ගීකරණය නොකළ)


 මේ 2010 මාර්තු 07 වැනිදා ලක්බිම පත්තරේ

ඇත්තටම මට හරිම සතුටු දවසක්. මොකද බ්ලොග් එක පටන් අරගනත් වැඩි දවසක් නෑ. බ්ලොග් එකේ පලවුනු හතර වෙනි පෝස්ට් එක (නාවික ඉoජිනේරුවාගේ බිරිඳ) මේ විදියට පත්තරේ පලවුනු එක ගැන මට ඇත්තටම සතුටුයි.

බ්ලොග් කෙරුවාවට මාව උනන්දු කළ දුකා සහෝ ම තමයි මට මේ ආරoචිය (ඒ කිව්වෙ මගේ පෝස්ට් එකත් පත්තරේ තියෙනව කියල.) කිව්වෙ.

දුකා සහෝටත් ඉසිඹුවට ගොඩවැදිල මාව ධෛර්යමත්  කරණ හැම කෙනෙක්ටමත් බොහොමත්ම ස්තූතියි කියල මම නවතින්නම්.

Permalink ප්‍රතිචාර 10

නුඹ මා සතු වී නම්….

2010 මාර්තු 11 at 5:36 පස්වරු (කැඩපත් පවුර)


 

අහස් වියන පුරාවට

තරු මල්

කුරුටු ගෑ පින්සල

නුඹ ,

මා සතු වී නම්

තාරුකා සිතුවම් කරන්නෙමි

මනු සත් ලොවේ

මානව මානවිකා

දෙනෙත් තුළ

කරුණා ගුණයෙන්

නිවී දිලෙන්නට………….

Permalink ප්‍රතිචාර 4

කවදාකදෝ ඉතින්…

2010 මාර්තු 1 at 3:47 පස්වරු (කැඩපත් පවුර)


සෙයිලමේ පහන් කණුව පාමුල

පීදුනු මල් කැකුළු

හමන දුහුවිලි සුළඟට හසුව

වීදියෙන් වීදියට,

බස් නැවතුමෙන් නැවතුමට

පාව යති විසිරිලා මල් පෙති….

ඒ සිනිඳු මල් පෙති මත

බැඳුනු කුණු දුහුවිලි පිසදමා

ගුණ සුවඳ ඉතිරෙනා

මල් ලොවක් වී පිපෙන්නට

පිපී හිනැහී දිලෙන්නට

ඉඩ හසර ලබනුයේ

කවදාකදෝ ඉතින්….?

Permalink ප්‍රතිචාර 3