කිරි කඳුළක්

2010 අප්‍රේල් 2 at 4:01 පෙරවරු (කැඩපත් පවුර)


වියළී ගිය දෙතනේ

කිරි සොයනා පුතුගේ

ඇඬුම් හඬට

එරෙන්න කිරි නැති මුත්

පුතුනේ……..

ඇවිලේ ගින්දර

මගෙ පපු කුහරේ

කිරෙන් නොව කඳුළින්

තෙමෙනා මගෙ දෙතනෙන්

රූරා වැටෙන කඳුළු බිදු වල

ලුනු රස මැකී

කිරි රස දැනේවා

නුඹට

මගෙ පුතුනේ…….

Advertisements

ප්‍රතිචාර 9

  1. රවා said,

    අයියො.. උදෙ පාන්දර …මෙ කවිය කියවපු ගමන්..ටිකක් හිත වෙනස් උනා…මම ඉපදිලා දවස් 5 කින් කිරි නැතිවෙලා තියනවා අම්මාට.. ඉතින් අම්මා මන් දිහැ බලන් ඉන්නවලු පැය කිපයක් එක දිගට.. මට එවා මගෙ ලොකු අම්මා කියව්වෙ.. මට මගෙ අම්මාව මතක් උනා….හරිම සංවෙදියි මෙ වගෙ දෙවල් වලට මම….අම්මාගෙ පපුවෙ පත්තු වෙන ගින්දර ගැන මම මුකුත් කියන්නෙ නැහැ…ඇයි ඔයා මෙ වගෙ දෙයකට සංවෙදි උනෙ.. ඔයගෙත් කුඩා කාලෙ මෙවගෙ සිද්දියකට මුහුන දිලා තියනවද…?

  2. Raven said,

    හිත මොහොතකට සසල කලා මේ නිර්මාණය.

  3. ```Outsider``` said,

    හරිම අපූරුයි. ඇතුළත්වෙන කාරණය ඉතාම සංවේදී දෙයක්. ඒ අත්දැකීම අදටත් දහසක් මව්වරුන් ලබන වේදනාබර අත්දැකීමක්. ඉතින් ඒකට හේතුත් දහස් ගණනක් තියෙනව.

  4. isimbuwa said,

    ඉසිඹුවට ගොඩවැදිල මගේ නිර්මාණ අගය කරන එක ගැන මට හරිම සතුටුයි.අඩු පාඩු දකිනවනම් ඒවත් කියන්න. අදහස් දැක්වූ හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි.

  5. /බිඟුවා...! said,

    දුප්පත්කමටද?
    නැති බැරිකමටද?
    වියෝවකටද?

    කොහොම උනත් අවිහිංසක ප්‍රාර්ථනාවක්

    /බිඟුවා…!

  6. isimbuwa said,

    මගේ නිර්මාණයට පාදක උනේ නම් නැති බැරි කම් නිසා අසරණ උනු අම්ම කෙනෙක්. ඒත් රසිකයන්ගෙ මනෝ භාවය අනුව වින්දනයේ වෙනස් කම් ඇති වෙන්න පුලුවන්. බොහොම ස්තූති මේ පැත්තෙත් ආවට.

  7. Madhu said,

    මේ කවිපද ටික හිතට ගොඩක් දැනුනා. ලස්සන වගේම සංවේදී අදහසක්. ඒ වගේම හුඟක් කලාතුරකින් කෙනෙක් මාතෘකා කරගන්න අදහසක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: