කමටහන් වුයේ කිම…….???

2010 අප්‍රේල් 5 at 10:34 පෙරවරු (කැඩපත් පවුර)


අඩ අදුර රජයනා

අවන්හල මැද

නෙක පැහැති රූ රටා මැව්

පහන් සිලට මුවා වී

බහු රූ කෝලමින්

පිනවමින් නෙත සිත

තෙපලමින් මුසා බස්

ඉදුල් වැටි අගින් ගෙන

නුඹ ම කෑ බත් පත

යාචකයකු බුදින කල

වීදියේ කොනක හිඳ

කමටහන් වුයේ කිම…..???

එයම පමණක්

පිළිකුල් බවුන් වඩන්නට

ප්‍රතිචාර 6

  1. Raven said,

    “මගේ” කියන ගොඩක් දේවල් “මම” විසින් සාධාරණීකරණයට ලක් කරනව. ඒවා වෙනුවෙන් පෙනී සිටිනවා. දැකිය යුතු තැන් සහ දේවල් ගිලිහිලා යනවා.

    අගෙයි නිර්මාණය.

    • isimbuwa said,

      ඇත්ත තමයි මම, මගේ කියන හැගීමෙන් ග්‍රහනය කරගන්න දේවල් සාදාරණීකරණය කරන්න තමයි අපි හැම කෙනෙක්ම හැම නිතරම උත්සාහ කරන්නෙ. ඒත් ඒවයෙ නිසරු බව දකින්න අපි මැලි වෙන තරමට යතාර්තය අපෙන් ගිලිහෙනව.

  2. ```Outsider``` said,

    සමහරුන් ඉහළින් විඳින ජීවිතය නිසරුයි. ආත්මාර්ථකාමී. ඒත් විඳින්නාට එසේ නොදැනෙයි. ඒත් නිරීක්ෂකයෙකුට එය කමටහනක් විය හැකියි.
    ගැඹුරක් සහිත පද වැලක්. ලස්සනයි.

  3. /බිඟුවා...! said,

    මට පැහැදිලි නැත්තේ කාටද මේ කමටහන් කියලා.
    අනික පිළිකුල් භාවනාව අර මනුස්සයද? යාචකයාද?

    /බිඟුවා…!

isimbuwa වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න