මෙහෙණියක සේ…….

2010 මැයි 9 at 12:46 පස්වරු (කැඩපත් පවුර)


අනියත මනු ලොව

දෝතින් ගෙන

මිරිඟුව වෙත දිව ගිය

මුවැත්තියයි මා එදවස

දැහැන් ගත සිත පාමුල

දිලෙන පහන් වැට සේ

සැලේ ඔබෙ රුව

මගේ නෙත අභිමුව

පුරන්නට පෙම් පාරමී දම්

කමටහන් වූ නුඹ ම එ දවස

කමටහන් විය මෙදින

පුරන්නට පාරමී දම්

සසර කතරින් එතෙර වන්නට

Advertisements

ප්‍රතිචාර 12

  1. ilandhariya said,

    අපේ බැදීම් එක මොහොතකින් අමතක කරන්න පුලුවන්නම්……මේ මනුස්සකමත්..අරගෙන….අපි ගොඩක් ඇතගිහින්….

    කැමැත්ත..මොහොතකින් අත් හැරිය හැකිනම්…………..

    • isimbuwa said,

      කෙලවරක් නැති බැඳීම් නිසා අපිට ස0සාරෙ කෙලවරක් දකින්න තව හුගාක් දුර යන්න වෙනව, බැඳීම් වලින් ඈත් වෙන්න උත්සාහ කෙරුවොත් ඒ ගමන කෙටි කර ගන්න පුලුවන් කියල තෙරුම් ගන්නෙ කීයෙන් කී දෙනාද? බොහොම ස්තූතියී මේ පැත්තෙ ආවට.

  2. indika kumara said,

    නිහඬ කවියක් ලස්සනයි….

  3. සුළඟ said,

    ලස්සනයි පද ගැලපීම. සංවේදී නිර්මානයක්.
    මැණික්(සුළඟ)

  4. isimbuwa said,

    අගය කිරීම ගැන සතුටුයි. ස්තූතියි ඔයාටත් මැණික්.

  5. robin said,

  6. ```Outsider``` said,

    නිරාමිෂ රසයෙන් යුතු පද පෙලක්. ඒක ඇතුළටම දැනෙන විදියට ලියවෙලා තියෙනව.

  7. nimanthi said,

    අපිට අපේ තියන හිතවත් කම්, බැඳීම් අමතක කරන්න බැරි නිසා…,
    ඇත්තම කියනවනම් ගොඩාක් අමාරු නිසා අපි සසර මඟ දිගු කරගන්නවා තමයි සැබැවින්ම
    සැලෙනා
    පහන් දැල්ලක් වගේ
    චංචල අපේ සිතමත
    අකුරු ඇමිණූ සියලු දෙන
    අමතක කරන්නට
    නොහැකිවු නිසාවෙන්
    තව තවත් දුක් ගොඩක්
    අමුණගෙන ජීවිතයට
    අපි යනවා
    මේ දිගු ගමන
    නොනැවතී දිගටම..!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: