විජයට පෙර අපේ රජවරු

2010 මැයි 17 at 10:12 පෙරවරු (ශාස්ත්‍රීය)


ලක් දිව පළමු රජු විජය ලෙස මහාව0සයේ සදහන් වුව ද විජයගේ පැමිණීමට පෙර අවුරුදු දස දහස් ගණනක් ඈතට දිව ගිය අපේ ඉතිහාසයේ එන රජවරු කවුරුන්දැයි විමසා බැලීම වටී.

විජයගේ පැමිණීමට බොහෝ කාලයකට පෙර “ල0කාදීප”, “හෙළ දිව” ආදී වශයෙන් ප්‍රචලිතව පැවති මෙරට “ලග්ගල” සිය අගනුවර කොට ගනිමින් රාජ්‍ය විචාළ “සි0හ” නම් රජෙකු විය. මෙම පෙදෙස වත්මනේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කයන්ට අයත් පෙදෙසකි. එකල ප්‍රධාන ජනාවාසය ලෙස “මීමුරේ” ගම පවතින්නට ඇති බව පහත ගැමි කවියෙන් ප්‍රත්‍යක්ෂ වේ.

       “එපිට කන්ද කළු පහනේ      කැළේයා

       මෙපිට කන්ද ලග්ගල           මීමුරේයා

       දෙඩිය දෙකක් උස ඇති        ගෝමරේයා

       හොඳයි පරකාස ලක            මීමුරේයා”

සි0හ රජු රජ කරන සමයේ “වේලායුධ” නම් කුමාරයෙක් දකුණු දඹදිව සිට මෙරට පැමිණ සි0හ රජු පරදවා මුළු ලක්දිව ම සිය අණසකට ගෙන “වේලාපුර” අගනුවර කොට රාජ්‍ය විචාළේය. වේලාපුර නගරය කළු ගඟේ මෝයෙහි පිහිටියකි.පසුව මෙම වේලාපුර කළුතර නම් විය.

විජය මෙ රට පැමිණීමට පෙර උතුරු ඉන්දියාවේ රජ කළ “දශරත” රජුගේ වැඩිමහළු පුතණුවෝ ද මෙ රට රාජ්‍ය විචාළ අතර “රාවන” රජුගේ පියා වූ “පුලස්ති” රජු ද පොළොන්නරුව අග නගරය කොටගෙන මෙ රට රජ කම් කළ බව පැවසිය යුතුවේ. එමෙන් ම  ඔහුගේ පුත්තු වන “මාල්‍යව”,”සුමාලින්”, “මාලින්” යන අය ද පොළොන්නරුව ම අග නගරය කොටගෙන මෙ රට රජ කම් කර තිබේ.අනතුරුව රජ වූ රාවනගේ අග නගරය නැගෙනහිර වෙරළේ පිහිටි රාවන කෝට්ටේ විය.යහන්ගල ප්‍රදේශයේදී මිය ගිය රාවන රජුගෙන් පසු “කැළණිය” අග නගරය කොට ගෙන “විභීෂණ” මෙ රට පාලන කටයුතු මෙහෙය විය. විභීෂණගෙන් පසු “කුලගොත් මහාරාජා” නම් රජකු මෙ රට පාලන කටයුතු හොබවා ඇත්තේ කුරුණෑගල අග නගරය බවට පත්කර ගනිමිනි.අනතුරුව මෙ රට රාජ ධූරය සඳහා “චූලෝදර”, “මහෝදර”, “මණිඅක්ඛිත”  වැනි නාග ගෝත්‍රිකයන් ද පත්ව තිබේ.

මේ කරුණු අනුව විජය රජුගෙන් එහා යුගයක සිට පැවත එන රාජාවලියක් තිබුණු බව සිතිය හැකිවේ.

රාවන, විභීෂණ, කුඹුකන්, ඉන්ද්‍රජිත්, පණිත, නහුත,ස0කිත වැනි රජවරු විසින් කරන ලද ඇතැම් සෙල් ලිපි මේ වන විට සොයා ගෙන ඇති බැවින් මේ කරුණු තව දුරටත් සනාත කළ හැකිව තිබේ.

 

මූලාශ්‍ර:-

 1.කරල්ලියද්ද.ඇස්.බී.”පුරාණ ල0කාවේ රාජධානි”, ල0කාදීප ‘තක්සලාව’අතිරේකය, 2010.01.31.

 2.සේසත ප්‍රකාශක,”හෙළගොස”,කොළඹ,2007.

Advertisements

ප්‍රතිචාර 22

  1. Ma said,

    බින්දුව නෙමේ බිංදුව ලියන්න \n “ං”

  2. චතුර said,

    කමෙන්ට් එකක් දාන එක නම් ලේසි නෑ වගේ නේද…? හොඳ ලිපියක්. අපේ ඉතිහාසය ගැන අපි දැනගෙන ඉන්න එපායෑ… ස්තුතියි යාළු….

    • isimbuwa said,

      ඔයාටත් බොහොම ස්තූතියි. ඉසිඹුව පැත්තෙ ආව එක ගැන මට ගොඩක් සතුටුයි. කමෙන්ට් කරන එක සමහර වෙලාවට හරි අමාරුයි තමයි. අමාරුවෙන්හරි කමෙන්ට් කරපු එකට නැවත වතාවක් ස්තූතියි.

  3. Anuradha Ratnaweera said,

    හොඳ ලියුමක්. කවිය නම් අගෙයි!

  4. ```Outsider``` said,

    ඉදල හිටල හරි ගොඩක්ම වැදගත් දෙයක් ලියන එක කොයිතරම් හොඳද?

  5. වැප් said,

    වල් පල් ලියවෙන බ්ලොග් අවකාශයේ වැදගත් යමක් …………..

    ස්තුතියි මිතුරා ……………….

    වල් පල් = ජනාසමාජයන්හි සංවේදී මතෘකා

  6. Madhu said,

    නොදැන හිටපු හුඟක් දේවල් දැනගත්තා මේ ලිපියෙන්. ස්තූතියි.

  7. සුළඟ said,

    හොඳ ලිපියක්. ලග්ගල මීමුරේ ගම් ගැන නම් මා දන්නවා. ඒ මම නුවර පලාතේ නිසා. ඒත් මීමුරේ නම් හුඟක්ම දුශ්කර ගම්මානයක්.
    මැණික්(සුළඟ)

  8. isimbuwa said,

    outsider,වැප්, madhu, සුළග ස්තූතියි ඔයාල හැම කෙනෙක්ටමත්.

  9. ilandhariya said,

    ඔන්න මම අවා….නියමලිපියක්…දිගටම මේ වගේ හරවත් ලිපි ලියන්න ලැබේවා…අපි ඔයත් එක්ක ඉන්නවා…

  10. Anuradha Ratnaweera said,

    හැකි නම් අහුබුදුවන්ගේ “ඉර හඳ නැඟි රට” කියවන්න. මහා සම්මත මනු රජුගේ ඉඳං කතාව ඒකෙ තියෙනවා.

    විජයගෙන් සිංහළයන් පැවතෙන බව කිතු වසින් 15-16 සියවස් වලදී පවා තිබුනු කතාවක් නොවන බව සැලළිහිණියේ “මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙල නොසිඳ” කියන එකෙන් පේනවා.

    • isimbuwa said,

      ilandhariya ට,

      මම හිතුවෙ මේ වගේ ලිපි ලියද්දි කවුරුත් ඒව බලන එකක් නෑ කියල. ඒත් ඒක එහෙම නෙවෙයි කියල තේරුනා ලිපිය කියවල තියෙන පිරිස දැක්කම. ඇත්තටම මට හරි සතුටුයි. හැමදාමත් එන්න කියල කියනව.

      anuradha ratnaweera ට,

      කියවන්න ආස පොත් ගොඩාක් තියෙනව.ඔය පොත ගැන මම අහල තියෙනව ඒත් මට කියවන්න ලැබිල නෑ. මේ ලිපිය ලියද්දිත් ඔය පොත මතක් උනා ඒත් ඉතින් තිබුනු විස්තර ටිකෙන් විතරක් හිත හදා ගෙන ලිව්ව.ඔය වගෙ පොත් කියවන්න ලැබෙන්නෑ මෙහෙදි. මේ පාර ලංකාවට ආවම ගන්න හිතන් ඉන්න පොත් ගොන්නට ඔය පොතේ නමත් එකතු කර ගන්නම් බොහොම ස්තූතියි.

  11. විහඟ ගීතය said,

    දැන ඉම්කඩ කලා., සාහිත, ඉතිහාස
    ගැන බණ දෙසූ නායකයින් හා වාස
    වින වූ නිසා අදටත් විඳවන දේස
    පන යන තැනට පත් කරලත් මදහාස

    විජයට පෙරත් උස් පරපුරකට උරුම
    රටකට අයත් අක් මුල් අතරෙහි බැඳුම
    මිටිකොට ඉවත ලා අඳ කරමින් දැනුම
    දැයකට වින කෙටූ උන් අදටත් මුලම

    වැලලුන අතීතෙක උරුමය පහදාන
    පිරිහෙන ජාතියක ජීවය රඳවාන
    නොමියෙන අතීතෙක ආඩම්බර පාන
    ලියවෙන මෙවන් ලිපි බොහෝ සතුටකි ගේන

  12. nimanthi said,

    මේ ලිපිය කියවලා නම් ගොඩක් දවස් ඒත් එදා හදිසියේම මට comment එකක් ලියන බැරි උනා..
    ඇත්තටම වැදගත් ලිපියක්..
    මේ වගේ ඉදිරිපත් කිරීම් ඉදිරියටත් කරන්න ඔබට දිරිය ශක්තිය ලැබේවායි පතමි…!!

  13. udanajeewantha said,

    විජය රජ්ජුරුවො ලංකාවට එන්න කලින් ලංකාවෙ රජවරු හිටිය බවට හොදම සාක්ෂිය තමයි නාගදීපෙ නාග ගොත්‍රික රජවරු දෙන්නෙක් අතර මැණික් පුටුවක් අරබයා ඇතිවුන යුද්දය. ඒක සමනයට පත් කරන්නනෙ බුදු හාමුදුරුවො නාගදීපයට වැඩියෙ. ඉතින් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ලංකාවෙ දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන කියන එකට හොද සාක්ෂියක්නෙ ඒ සිදුවීම. අනික විජය කුමාරය ලංකාවට ගොඩ බැස්සෙ බුදු හාමුදුරුවො පිරිනිවන් පෑව දවසෙ කියනවනෙ [ දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන නිසානෙ මැණික් වලින් පුටුවක් හදාගෙන තියෙන්නෙ – දැන් ඉතින් කට්ටිය කියයිද දන්නෙ නෑ මැණික් පුටුවත් මේඩ් ඉන් ඉන්දියා කියල 🙂 ]

    • isimbuwa said,

      ඒක නම් ඇත්ත තමයි. ඒ පුටුවත් ඉන්දියාවෙ නිර්මාණයක් කියල කියාවිද දන්නෙ නැහැ. කොහොම උනත් පුරාවිද්‍යාත්මක සාධක වලින් සනාත වෙලා ඉවරයි විජයට එහා ගිය දියුණු ඉතිහාසයක් අපට තිබුණු බවට.

  14. Hasitha said,

    වටිනා ලිපියක්. ආචාර්ය සූරිය ගුණසේකරයන් ලංකා ඉතිහාසයේ හෙළ යුගය කියන පොතෙනුත් මේ ගැන හුඟක් කරුණු දක්වලා තියෙනවා

    • isimbuwa said,

      මම ඒ පොත ගැන නම් අහල තිබුනෙ නෑ. බොහොම ස්තූතියි මට ඒ ගැන දැන්වුවට. මේ පොතත් මම ලංකාවෙන් ගෙන්න ගන්න තමයි ඉන්නෙ දැන්.තව සති දෙකකින් විතර මට පොත හම්බුවෙයි. පොත් දෙකම කියවල තව විස්තර ලියන්නම්කො.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: