බුදු පියාණනේ……..

2010 මැයි 23 at 3:53 පස්වරු (කැඩපත් පවුර)


අදැහැමි සිතිවිල්ලෙන්

දැවෙන තැවෙන

මනුසත් සිතිවිලි

මෙත් සිසිලෙන් තෙමා

නිවා සනහා,

අමා දම් රස

මනුසත් සිත් තුළ

වඩා හිඳුවා,

කරුණා රසයෙන්

ලොව නහවා ලන්නට

මුදු බුදු බණ පදයක්

දෙසා වදාළන්නට

වඩිනු මැන බුදු පියාණනේ…………….

Advertisements

ප්‍රතිචාර 9

  1. රවා said,

    අමාදහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා…

    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්…………

    ඔබගෙ නිර්මානය දුටු ගමන් මුවට නැගුනු ගිත දෙකක්…
    බුදු හාමුදුරුවො ආපහු වඩින්නෙ නැති බව අපි දෙන්නම් හොදටම දන්නවා. බුද්ධ, ධම්ම , සංඝ යන තුනුරුවන් ගෙ ගුණ මෙනෙහි කරන්න , කරන්න, හිතට දැනෙන සැනසිම, සංහිඳියාව වෙන කිසිම දෙයකින් මා අත්දැක නැහැ. අපි සැවොම ඉතාම වාසනාවන්ත මිනිස්සු පිරිසක් අවාසනාවට අතවනන….
    ඉසිඹුව ඔබට සුභ වෙසක් මංගල්‍යක් වෙවා කියා මා පතනවා.

    • isimbuwa said,

      හානේ ගොඩක් කාලෙකට පස්සෙ ඉසිඹුවට ගොඩවැදිල තියෙන්නෙ. දැක්කත් සතුටුයි.ඉසිඹුවට ගොඩවැදුනු මුල්ම කීප දෙනා අතරෙන් ඔයත් එක්කෙනෙක් පහුගිය දවස් වල නිහඩ වෙලා ඉන්න කොට මම කල්පනා කළා ඇයිද කියල. විශ්මි, රවීන් දෙන්නත් මේ දවස් වල නිහඬයි. ඇයි දන්නෙ නැහැ නේද? ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට.ඔයාටත් සුබ වෙසක් මංගල්‍යක් වේවා……………!

  2. විහඟ ගීතය said,

    වල් වැදී සිතකය
    අසනි වර්ෂාවේ තෙමීගෙන
    වඳින දේවාලද (විහාර)
    හිස මතටම
    කඩාගෙන…..

    පුහුදුන් අපිත් අර
    දුවන්නන් වාලේම
    දුවමින…

    බෝසතුනි..
    වඩිනු මැන..
    යළිත් කාලය
    බුදුවන..

  3. සුළඟ said,

    බුදුපියාණන් හිඳී හද තුල
    බලනු මැන හද තුල එබී
    එය නොතේරෙන දනෝ දස දෙස
    සොයා වෙහෙසෙයි බුදු හිමී
    ඹැණික්(සුළඟ)

  4. isimbuwa said,

    විහඟ ගීතය ස්තූතියි ඔබට

    සුළඟ ඔයාටත් ස්තූතියි මේ පැත්තෙ ඇවිදින් ගියාට.

  5. ```Outsider``` said,

    දැකිය හැකි හදවතින් සිටීනම් බුදුන් නැවත නැවතත් අප වෙත වඩිනු ඇත.

    යහපත් ප්‍රාර්ථනය ඉටුවෙයි.

    • isimbuwa said,

      වල් පැළ බිහි උන හදවතෙන් ඒව උදුරා දමා පිරිසිදු කරගෙන පරාර්ථකාමී ජීවිතයක් ගෙවනව නම් හැමදාමත් අපේ සිත් තුළ බුදුන් වැඩ ඉන්නව තමයි ඔයා කියන්න වගේ.

  6. ilandhariya said,

    හිත මොහොතකට ….
    නිවී යන…..
    හිතසන්සුන් වෙන….
    පද ටිකක්……

    අපිහැමොගෙම බලා පොරොතුව….මේ සංසාරේන්…..එගොඩවෙලා…..
    උතුම්වු නිවන අවබොද කරගන්න…..

    සදහම් සිසිලෙන් නහැවී ගිය වෙසක් මංගල්‍යක් වෙවා!!

    • isimbuwa said,

      අපි කාටත් දුක් විඳින මේ සංසාරෙන් එගොඩ වෙන්න තියෙන එකම මග නිවන තමයි. අපි කාගෙත් බලාපොරොත්තුව විය යුත්තෙත් එයයි. ඉතින් ඒ උතුම් නිර්වාණය ලගා කර ගැන්මට හැමටම වාසනාව ලැබේවා කියන පැතුමත් එක්කම ඔබටත් සුබ වෙසක් මංගල්‍යක් වේවා කියල පතන්නම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: