සුදු සේල (පළවන කොටස)

2010 මැයි 27 at 4:58 පෙරවරු (වර්ගීකරණය නොකළ)


රන් වන් කිරණ විදහා උජාරුවට පායා තිබූ හිරු හදිසියේම කොහේ හෝ සැඟව පරිසරය පුරාම අදුරු වළාවන්ගේ කලු සෙවනැලි පතිත වෙද්දී වැව් බැම්ම මත රෙදි ගොන්නත් ඔලගුවේ ඔබා ගෙන ඈත අහස දිහා බලාන හිටිය රන්මලීගේ සුසුම් සමගින් අදුර ඈ වටා එහා මෙහා සක්මන් කරන්නට විය.

“ඈ ළමයෝ මම මේ කීයෙ ඉදන් බලාන ඉන්නවයි, මොකද හැබෑටම වෙලා තියෙන්නෙ”

“නෑ මං මේ කල්පනා කළේ මේ වැව නැතිවුණ දාක අපට මොකද වෙන්නෙ කියල.”

“වෙන  මොනව වෙන්නෙයි,වැවේ වතුර ටික හිදුනු දාක හව්හරණක් නැතුව මේ අව් කූටකේටම අපිවත් අළු වෙලා යාවි.”

ඈ නැන්දෙ වැව නැතිවුණ දාක අපිත් නැති වෙනව කියල හිතන්න නරකයි, හිතේ හයියෙන් පණ කෙන්ද රැක ගන්ටයි බලන්ට ඕනෑ,ආයෙත් දොහක වැවේ වතුර වාං දමන දවසක් එන්නෙ නැතෑ.”

“ඕ…..ං ඔය කයි කතන්දර නතර කොරල පය ඉක්මන් කොරහං,අර මනුස්සයගෙ කෑම ටික ගෙනියන්නත් තියෙනව.”

“මං මේ රෙදිටික හෝදාන එන්නං නැන්ද යන්ට.”

“මොන රෙදි හේදිල්ලක්ද දැන් යමං යමං.”

අවසන නැන්දාගේ බහට අවනත වූ රන්මලී සුනංගු වීමේ වරදට නැන්දාගේ මුවින් ගිලිහුණු නොහොඳ නෝක්කඩු වලින්  දෙසවන්ද පුරවා ගනිමින් නිවස්න දෙසට පා නැගුවාය.

මුළුතැන් ගෙට වැදුනු රන්මලී රාත්‍රී අහර සඳහා සූදානම් කර තිබූ බත් මාළු පිනි ආදිය එක් කොට මඩක්කුව පුරවා, ලබු කැටේට වතුරද පුරවා පිළ මත තැබුවාය.නැන්දාගේ බත් පතද වෙන් කොට කා බී අහවර වී මුළුතැන් ගේ අතු පතු ගා දැමූ ඈ පැදුරු කඩමාල්ලක් එළා එහි දිගා වූවාය. නිදි පැදුරේ දී රන්මලී ගේ හිත ඇතුලේ නොයෙක් සිතුවිළි පහල වන්නට විය. නැන්දා ගේ නොහොද නෝක්කඩු හමුවේ ඈ ගම් මැද්දේ ජයසිරි සමගින් පෙම් බස් දෙඩූ හැටි………….., වෑ කන්දේ දෙ අත් පටලා ගෙන පෙම් ගී ගැයූ හැටි……….., එ දවස් මොනතරම් මිහිරි වුවද ඒ මිහිර විදගන්නට නොහැකිව ඈ දැන් නිදි පැදුරේ ලත වෙන්නී.

මතු සම්බන්ධයි…

Advertisements

ප්‍රතිචාර 14

  1. indika kumara said,

    හප්පෝ රන්මලී නඟා බලන්ට මටවත් යන්ට ඉඩයක් නැති හැටි….

  2. විහඟ ගීතය said,

    හංගා බැඳි පෙමක සිතුවිලි අතර ‍රැදී
    නංඟා කෙනෙක් ඒ අසිරිය සිතින් විඳී
    නංවා ජය කෙහෙළි එක් තැන් වෙන්න නොදී
    නැන්දා කරපු කෙනෙහිළි සිත තවම විඳී

  3. ```Outsider``` said,

    මේක මෙතැනින් ඉවරයිද.. තව තියෙනවද?

  4. palaamalla said,

    ඉතුරු ටිකත් ලියන්න ඉක්මනට….

  5. nimanthi said,

    ඇත්තටම මාත් කියවන්න එනවා ඔන්න දිගටම ලියන්න..කථාව..
    අනිත් වැදගත් ලිපිත් අතරෙදිම..:-))
    සුභ පැතුම් …!!!

  6. දුකා said,

    ඔන්න නගේ කතාව පටන් ගත්තා කියලා එදා ට්‍රිප් එක වෙලාවෙදි කිව්වට අද තාම්යි කියවන්න නිදසහක් ලැබුනේ . .

    හොඳ හොඳා ඔහොම යන් . . .

    • isimbuwa said,

      හොඳ වෙලාවට ඔයා කතාව බලල තියෙන්නෙ අයියා. දෙවෙනි කොටස දාන ගමන් මම හිත හිත හිටියෙ අයිය තාම පළ වෙනි කොටස වත් කියවල නෑනෙ කියල දෙවෙනි කොටසත් දාල දවසක් විතර පහු කරල ඔයාට බනින්නයි මම හිතාගන හිටියෙ. ඒකෙන් යන්තම් බේරිලා තියෙනව.

  7. දුකා said,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: