සුදු සේල (දෙවන කොටස )

2010 ජූනි 3 at 11:08 පෙරවරු (වර්ගීකරණය නොකළ)


පාන්දර යාමයේ මුළුතැන්ගෙයින් නැගුණු පිඟන් කෝප්ප හඬින් අවදි වුණු රන්මලී හනිකට නැගිට මුළුතැන්ගෙය බලා දිව ගියේ මෙලහකටත් නැන්දා ආප්ප පුළුස්සා අහවර වී ඇතැයි සිතමිනි.

“ආ……….. කෙල්ලෙ මූණ කට හෝදගන විජහට කඩමණ්ඩියට ගොහිං වරෙං, ගමේ ඈයො පාං බනිස් ගිලින්ට කලියෙං.”

නැන්දා දුන් ආප්ප වට්ටියද රැගෙන රන්මලී සීරුවට ගුරු පාරට බැස්සෙ වෙනදා නැති කාන්සියකිනි. ගුණපාල මමලෑ කුඹුර උඩින් වැටී ඇති නියර දිගේ හීනියට මතුව ආ මිනිස් රුව දුටු රන්මලීගේ දෑස් බබලන්නට විය.

“හා……..නේ සිරිදාස අයිය දැක්ක කල් මං මේ කීප දොහක ඉදන් බලාන හිටියෙ අයියවත් මුණගැහෙන්ට ඇත්තං කියල.”

“ඒ මොකෑ නගා.”

“අයිය ගම ඇවිත් කී දොහක් වෙනවයි.”

“දවස් දෙක තුනක් උනා මයෙ හිතේ, මොකෑ නගා කාරණේ කියල හිටිං.”

“අනේ සිරිදාස අයියෙ ජයසිරි දැන් සුමාන තුනකින් විතර ගම ආවෙ නැහැ නොවැ, මං මේ හිතේ ගින්දරිං තිස්සෙම.”

“බය වෙන්ට කාරි නෑ නගා ජයසිරිට හොඳ ඉල්ලමක් අහුවෙලා ඇති,නගා මට ලියුම් කඩදහියක් ලියල දෙන්ටකෝ, මම හෙට රත්නපුරේ යමිං ගමං ජයසිරිගෙ වාඩියටත් ගොඩවෙලාම යන්නං.”

“අනේ හොඳා හැන්දෑ වරුවෙ අයිය අපේ දිහා එන්ට මං ලියුම් කඩදහිය ලියා තියන්නං.”

“හොඳා හොඳා මං මේ හේන දිහාට යමිං ගමන, නගා කඩමණ්ඩියට යනව වෙන්ටැ.”

“ඔව් මේ කඩයප්පන් ටික දීල එන්ට කියල.” යි කියමින් රන්මලී කඩමණ්ඩිය දිහාට හැරෙත්ම ඈත අහස පුරා සැහැල්ලුවට පියා සලා ආ කුරුළු රෑනක් රන්මලීගේ හිසට උඩින් පියාසලා ඈ පසු කර යන්න ගියෝය.

මතු සම්බන්ධයි….

Advertisements

ප්‍රතිචාර 12

  1. palaamalla said,

    වෙලාව ලැබුනම ඉතුරු ටිකත් දාන්න… කොටසක් මීට වඩා චුට්ටක් දිග උනානම් හොදයි කියල හිතෙනවා… හිහි වෙලාවක් තියෙන්නත් එපයි නේ

  2. දුකා said,

    ම් ම් ම් පොඩි දෙයක් හිතුනා නගේ . .

    හැබැයි ඒක අනිත් අයට අලල්ල යයිද දනෙන නෑ . .

    මම ඉතිං කරුණාසේන ජයලත්ගේ පොත් වලට වහ වැටුනු එකානේ . . ඉතිං කතාවක ඒ වගේ ගති ගුන තියේන්වනම් මම නම් ආසයි . .

    ඒ කිව්වේ පරිසරයත් පොඩ්ඩක් වනන්න . . ඒ අතරේ හිතුවිලිත් ඩිංගිත්තක් බරට වදින්න ලියන්න . . කමක් නෑ නේ මෙහෙම කිව්වට . . .

    • SiriBiris said,

      මමත් එකගයි. වනමු, වනමු. වැනීම ඉතාමත් වැදගත්.( no pun intended)

      කියවන්නා තුල සම්පූර්ණ චිත්ත රූපයක් මැවීමට මේ සියුම් විස්තර කිරීම අතාවශය වෙනවා. උදා: විදිහට ලිපේ ගිනි පුලිගු නගින හැටි හෝ ලිප් එලියෙන් බබලන යාන්තමට දාඩිය නැගි නැන්දාගේ වත හෝ හිමිදිරියේ , ගුරුපාරේ වෙලේ අසිරිය, පින්න මිදුනු තන පලස, සතුන්ගේ හඩ. මේවා ඔක්කොම අපි දන්න ඒවා වුනාට, නැවතත් කියන්න ඕනා කතාවට ලුණු ඇඹුල් වැටෙන්න.

      • isimbuwa said,

        සිරිබිරිස් කියන විදියෙ පොඩි පොඩි වැනීම් ටිකක් කතාවෙ ඉස්සරහදි දකින්න තියෙනව. ඒ කොටස් දැම්මට පස්සෙ කියවල බලල කියන්නකො ඒ තරමට වැනීම කලොත් ඇතිද තව එකතු කිරීම් කරන්න ඕනද කියල.

  3. isimbuwa said,

    අයියෝ කමක් නෑ අයියා මටත් ඕන කතාවෙ අඩු පාඩු මොනවද කියල දැන ගන්න තමයි. අනික මේක මම ලියපු පළවෙනි කතාව නෙ අඩු පාඩු ගොඩක් තියේවි මම හිතන්නෙ. මට ඔය වැනිල්ල තමයි කර ගන්න ටිකක් ආමාරු. මම උත්සාහ කරල බලන්නම්කො.

  4. සුළඟ said,

    මටත් හිතෙනවා ටිකක් පරිසර වර්නනාව තිබුනොත් හොඳියි කියලා. දිගටම ලියන්න.
    මැණික්(සුළඟ)

  5. ```Outsider``` said,

    මමනම් සාමාන්‍යයෙන් කැමැති කෙටියෙන් කියන එකට. ඒ වුණාට ඕනි එකක් කියවනව. මේකනම් කියවන්න පටන් ගන්න කොටම මෙන්න කොටස ඉවරවෙලා. දෙගුණයක් කලානම් හොඳා…..

  6. මතක මන්දිර said,

    ලඳ බොලඳ කතාවලට වඩ මේක ලස්සනයි… තව ටිකක් වැඩි පුර ලිව්වොත් හොදයි….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: