ම’සිත හැඟුම් පුබුදුවන්න….

2011 ජනවාරි 30 at 3:07 පස්වරු (කැඩපත් පවුර)


 

දුර ඈත තනි තරුවට
මේ සීත රෑ තනිව හිඳ
කොඳුරනා රස රහස
රැගෙන යනු මැන
පවන් රොදේ
හීන් සැරේ
කනට ඇගේ මුමුනලා
කියා ගන්න බැරිව ලතැවෙනා
ම’සිත උපන් ආදරේ
ඇගේ කනේ තබාලා
රැගෙන එන්න
ඇගේ උනුහුම් සුසුම් පොදක්
සීතලට ගැහෙන
ම’සිත හැඟුම් පුබුදුවන්න….

ප්‍රතිචාර 3

  1. ```Outsider``` said,

    ගොඩක් කාලෙකින් නේද සැපත් වෙලා ඉන්නෙ.
    නියමයි..

  2. dammika said,

    mata eka deyaaai dena ganna oneyy…karunakarala kiyanna puluwanda isimbuwa kiyana wachaneey theruma..man asanka priyamantha gey sinduwaka may wachaney dekka…eeeth thaamath theruma hoya ganna beri una…lokuu udaawakk…

    • isimbuwa said,

      ඔයා ඉසිඹුවට ගොඩ වැදුනට බොහොම ස්තූතියි. ඉසිඹුව කියන වචනයෙ අරුත “විවේකය” කියන එකයි. ඉසිඹුවට ගොඩවදින හැමෝටම මානසික විවේකයක් දීම තමයි මගේ අරමුන….. ඒ අරමුන ඇතිව තමයි මේකට ඉසිඹුව කියන නම තිබ්බෙ…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න